Gossips

මාතර ස්වර්ණාභරණ අලෙවිසැලේ කොල්ලය සැලසුම් කළ පුද්ගලයා අත්අඩංගුවට (ඡායාරූප)

මාතර නගරයේ ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකෑමට පැමිණි පිරිසක් සහ පොලිසිය අතර අද (22) උදෑසන සිදුවු වෙඩි හුවමාරුවකදී එක් පොලිස් නිලධාරියෙකු මියගොස්, තවත් පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
ඒ අතර බස්රථ කොන්දොස්තරවරයෙකු සහ කාන්තාවක්ද වන බවයි වාර්තා වන්නේ.
මාතර නගරයේ පිහිටි මෙම ස්වර්ණාභරණ අලෙවිසැලට අද උදෑසන මෙම කොල්ලකරුවන් දස දෙනෙකු පමණ යතුරුපැදිවලින් පැමිණ තිබෙනවා.
ඔවුන් සියලු දෙනා සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය වන සුදු පැහැති හිස් ආවරණ පැළඳ පැමිණ ඇති අතර, ඔවුන් සතුව ගිනි අවි තිබී ඇති බවටයි පොලිසිය සඳහන් කළේ.
කොල්ලකෑම සඳහා පැමිණි යතුරුපැදි දෙකක් සහ ස්වයංක්‍රීය ගිනි අවියක් මේ වනවිට පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ස්වර්ණාභරණ අලෙවි සැලේ සේවකයින් ගිනි අවි පෙන්වා බිය ගන්වා මෙම කොල්ලකෑම සිදුකර ඇති බව සඳහන්.
පසුව ඔවුන් යතුරුපැදිවලින් පලාගොස් තිබෙනවා.
පලා යන අවස්ථාවේදීයි පොලීසිය සහ කොල්ලකරුවන් අතර මෙම වෙඩි හුවමාරුව සිදුව ඇත්තේ.
සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන මාලිගාතැන්න, වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි චාමර ඉන්ද්‍රජිත් නමැති පුද්ගලයා පලාගොස් මාතර නගරයේම ස්ථානයක සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.


ඡායාරූප – අදීශ ආරියතිලක