Gossips

මාතර වෙරළ තීරයේ මහ රෑ සිදුවන මහා පරිමාණ ජාවාරම

මාතර වෙරළ තීරය අවට මේ දිනවල කැස්බෑ බිත්තර මහා පරිමාණ ජාවාරමක් ක්‍රියාත්මක වනවා.
හිරු සී.අයි.ඒ. කළ ගවේෂණයේදී හෙළිවුයේ හොර රහසේ ලබා ගන්නා කැස්බෑ බිත්තර සංචාරක හෝටල් සදහා විවිධ මිල ගණන් යටතේ අලෙවි කරනා බවයි.
අද හිරු සී.අයි.ඒ. හෙළිදරව්ව මාතර වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින් සිදු කරනා එම කැස්බෑ බිත්තර ජාවාරම පිළිබදවයි.
ලෝක රතු දත්ත වාර්තා පොතට අනුව කැස්බෑවන් හඳුනාගෙන ඇත්තේ වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති උරග විශේෂයක් ලෙසයි.
මෙරට වෙරළ තීරයට බිත්තර දැමීම සදහා දාර කැස්බෑවා, පොතු කැස්බෑවා ඇතුළු කැස්බෑ විශේෂ 5 ක් පැමිණෙනවා.
මාතර කොටුව හා වැල්ලමඩ වෙරළ කලාපයට රාත්‍රී කාලයේදී පැමිණෙන කැස්බෑවන් දමන බිත්තර සංවිධානාත්මක පිරිසක් හොර රහසේ රැගෙන යන බවට
හිරු සී.අයි.ඒ.වෙත තොරතුරු වාර්තා වුණා.
ඒ අනුව අප කැස්බෑ බිත්තර ජාවාරම පිළිබදව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මාතර දිස්ත්‍රික් සමුද්‍ර ජීවී කළමනාකරන ඒකකයේ නිලධාරීන්
දැනුවත් කළා.
වහා ක්‍රියාත්මක වු එම ඒකකයේ නිලධාරීන් දින ගණනාවක් හිරු සී.අයි.ඒ.කණ්ඩායම සමග වෙරළ තීරයේ වැටලීම් දියත් කළා.