Gossips

මාතර වෙඩි වැදුණු දෙදෙනාට බරපතල නැහැ

මාතර – රොටුඹ ග්‍රාමීය බැංකුව ඉදිරිපිට අද දහවල් සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයින්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළා.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූවන් මේ වනවිට ප්‍රතිකාර ලබන්නේ මාතර සහ කඹුරුපිටිය රෝහල්වලයි.
එක් අයෙකුගේ අතකට සහ අනෙක් පුද්ගලයාගේ පාදයකට වෙඩි වැදී ඇති බව එම රෝහල් ප්‍රකාශකයන් කියා සිටියා.
පොලීසිය සදහන් කළේ දෙපාර්ශවයක් අතර දිගු කලක් පුරා පැවති ගැටුමක් මෙම වෙඩි තැබීමට හේතුවී ඇති බවයි.
අද පස්වරු එකට පමණ මෙම වෙඩි තැබීම සිදුකර තිබුණේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක්.