Gossips

මාතර රන් කොල්ලයට සම්බන්ධ, ‘හබරකඩ වසන්ත’ එස්.ටී.එෆ්. වෙඩි පහරින් මරුට

මාතර රන් කොල්ලයට සම්බන්ධ හබරකඩ වසන්ත සහ තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මීගොඩ උපුල්, පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත්වුණා.
ඊයේ රාත්‍රී 9.45ට පමණ කොට්ටාව – රුක්මල්ගම පාර අධිවේගී මාර්ගයේ ගුවන් පාලම යට දී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔවුන් පොලීසිය වෙත වෙඩි තබා තිබෙනවා.
එම අවස්ථාවේ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් එල්ල කළ ප්‍රති ප්‍රහාරයෙන් සැකකරුවන් දෙදෙනෙකු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඔවුන් දෙදෙනාම මිය ගොස් ඇති බව හෙළිදරව් වුණා.
ඉන් එක් අයෙකු මාතර රන් කොල්ලයට සම්බන්ධ හබරකඩ වසන්ත බවත්, අනෙක් පුද්ගලයා මීගොඩ උපුල් බවත් පසුව හඳුනා ගැනුණා.
ඔවුන් සන්තකයේ තිබූ මැෂින්ගන් වර්ගයේ තුවක්කුවක් සහ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් ද සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.