Gossips

මාතර බෝධිය අසල කළ බිත්තර ජාවාරම (ඡායාරූප)

මාතර බෝධිය අසල මල් විකුණන මුවාවෙන් කැස්බෑ බිත්තර ඉතා සුක්ම ආකාරයෙන් විකිණීමේ ජාවාරම සිදු කළ පුද්ගලයෙකු මිරිස්ස වනජිවි නිළධාරින් විසින් ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පුද්ගලයා දිගුකාලයක් තිස්සේ මෙම ජාවාරම සිදු කර ගෙන ගොස් ඇති අතර මාතර වෙරළ තිරයේ පැමිණෙන කැස්බෑවන්ගේ බිත්තර මේ ආකාරයෙන් ලබා ගැනිම සිදු කර ගෙන ගොස් තිබෙනවා.
නිදිවරාගෙන අඛණ්ඩව සිදුකළ මෙහෙයුම්වලින් පසු,බිත්තර ජාවාරම්කරු මේ ආකාරයෙන් කොටු කර ගැනිමට හැකිව ඇති බවයි වනජිවි නිළධාරින් සඳහන් කළේ.
මෙම පුද්ගලයා මාතර නගරයේ කැස්බෑ බිත්තර විකිණිමේ ප්‍රධාන සැකකරු වශයෙන් ද කටයුතු කර තිබෙනවා.
මොහු සන්තකව තිබිය දී බිත්තර 118 සොයා ගැනිමට වන ජිවි නිළධාරින්ට හැකි ව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී නිළධාරින් වැඩිදුරටත් පරික්ෂණ පවත්වනවා.