අලූතින් ඉදිකළ මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ පළමු පරීක්ෂණ දුම්රිය ධාවනය අනිද්දා සිදුකිරීමට නියමිතයි.
මාතර සිට කතරගම දක්වා ඉදිකිරීමට යෝජිත දුම්රිය මාර්ගයේ පළමු අදියර ලෙස කිලෝමීටර 26 ක දුරකින් යුත් මාතර සිට බෙලිඅත්ත දක්වා කොටස ඉදිකර තිබෙනවා.
එහි ඇස්තමේන්තුගත වියදම ඇමරිකානු ඩොලර් මිලියන 278.2 ක් වන අතර, චීන එක්සිම් බැංකුව ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන සපයනු ලැබුවා.
මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගය ප්‍රධාන දුම්රිය ස්ථාන 4 කින් සහ උප දුම්රිය ස්ථාන 2 කින් සමන්විතයි.
එමෙන්ම මෙරට දිගම දුම්රිය උමඟද එහි පිහිටා තිබෙනවා.
