Gossips

මාතර බස්නැවතුම්පොළ ඉදිරිපිටදී පුද්ගලයෙක් දාපු අමුතු සෙල්ලම

මාතර බස්නැවතුම්පොළ අසල පිහිටි වෙළඳසැලක සිදුවන අමුතුම සොරකමක CCTV දර්ශන අප වෙත ලැබී තිබෙනවා.
එහි දැක්වෙන්නේ වෙළඳසැලට පැමිණෙන පුද්ගලයෙක් වංචා සහගත ලෙස දුම්වැටි තොගයක් රැගෙන යන ආකාරයයි.
එහිදී ප්‍රථමයෙන් එම පුද්ගලයා වෙළඳසැලෙන් භාණ්ඩ තොගයක් මිලට ගනු ලබන්නේ උත්සවයකට බව පවසමින්.
ඒ අනුව වෙළඳසැලේ සේවකයන් විසින් ඔහුට අවශ්‍ය භාණ්ඩ ලබාදෙනවා.
පසුව අවසානයේ එම පුද්ගලයා විසින් මුදල් අයකැමි කාන්තාව වෙතින් දුම්වැටි තොගයක් ද ලබාගන්නා අතර ඔහු එය වෙනත් බෑගයකට දමාගනු ලබනවා.
පසුව ඔහු ලබාගත් භාණ්ඩ වෙළඳසැල තුල තබා අදාළ බෑගය පමණක් ගෙන ඉන් පිටව යන්නේ පොලට යාමට අවශ්‍ය බව පවසමින්.
නැවතත් ඔහු නොපැමිනීමත් සමඟ ඔහු ලබාගත් භාණ්ඩ පරීක්ෂා කිරීමේදීයි එම පුද්ගලයා වංචා සහගත ලෙස දුම්වැටි තොගය රැගෙන ගොස් ඇති බව අනාවරණ වී ඇත්තේ.
අදාළ CCTV දර්ශන පහතින්.