Gossips

මාතර – නූපේ ඇඟලූම් වෙළඳසැලකට වෙඩි.

මාතර – නූපේ ප්‍රදේශයේ පිහිටි රෙදිපිළි අලෙවි සැලකට අද අලූයම කිසියම් පිරිසක් විසින් වෙඩි තබා තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බවයි.
වෙඩි තැබීමෙන් වෙළදසැලේ පිටතින් සවි කර තිබූ වීදුරුවලට හානි සිදුව තිබෙනවා.
වෙඩි තබන අවස්ථාවේදී වෙළදසැලේ කිසිවෙකුත් සිට නොමැති බවටයි වාර්තා වන්නේ.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මේ අතර, ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන නාගරික මන්ත්‍රී රංජන් ද සිල්වාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 11 දෙනෙකුගෙන් මේ වන විට පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
දැනට සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙන්ම පොලිස් කණ්ඩායම් 4ක් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මෙතෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැහැ.