මාතර – දෙයියන්දර – කජුකනත්ත ප්‍රදේශයේ නිවසක් තුළ තිබී ටී.56 වර්ගයේ ගිනි අවි සඳහා යොදන මැගසිනයක් සහ උණ්ඩ 28ක් සොයා ගෙන තිබෙනවා.
පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව ඊයේ (31) පස්වරුවේ අදාළ නිවස පරීක්ෂා කිරීමේදී මෙම උණ්ඩ සොයා ගෙන ඇති අතර, අනතුරුව නිවසේ සිටි කාන්තාවක් අත්අඩංගුවට ගත් බවයි දෙයියන්දර පොලීසිය ප්‍රකාශ කළේ.
