Gossips

මාතර දෙවිනුවර විෂ්ණු දේවාලයේ විගණන ගැටළුවක්

මාතර – දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ විගණන කටයුතු බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් විනිවිද භාවයකින් තොරව සිදුකළ බවට එහි ප්‍රධාන කපු මහතා ලෙස කටයුතු කරන රාමක්‍රිෂ්ණන් තේනබදු චෝදනා කරනවා.
ඔහු කියා සිටියේ දේවාලයේ බස්නායක නිලමේවරයා ද නොමග යවමින් එය සිදුකර ඇති බවයි.
දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ තිබු සේප්පු දෙකක් විගණනය කිරීමට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරයා ඇතුළු නිලධාරින් පිරිසක් පැමිණියේ ඊයේ පෙරවරුවේයි.
ඒ දේවාලයේ බස්නායක නිලමේවරයා ද සමගයි.
කෙසේ වෙතත්, එහි ප්‍රධාන කපුවා ලෙස කටයුතු කරන රාම ක්‍රිෂ්ණන් තේනබදු චෝදනා කළේ තමාගේ සහභාගීත්වයෙන් තොරව සිදුකළ මෙම විගණන කටයුත්ත නීතිවිරෝධී බවයි.
මෙම විගණන කටයුතු සදහා පැමිණි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරියගෙන් ඒ පිළිබදව කළ විමසීමේදී ඇය කියා සිටියේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ අවසරයකින් තොරව තමාට ප්‍රකාශයක් ලබාදීමට නොහැකි බවයි.
මේ අතර, මෙම සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට එහි සිටි බස්නායක නිලමේවරයාගේ සහෝදරයෙකු බව කියන පුද්ගලයෙකු බාධා කළා.
ඔහු කියා සිටියේ මාධ්‍යවේදීන්ට දේවාල පරිශ්‍රයේ රැඳී සිටීමට නොදෙන ලෙස නිලමේවරයා තමන්ට පවසා ඇති බවයි.