Gossips

මාතර දී පැහැර ගත් උසස් පෙළ සිසුවා සොයා ගැනේ

මාතර – ඉසදීන් නගරය ආසන්නයේදී පැහැර ගත් උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුවා අහංගම ප්‍රදේශයේ දමා ගොස් සිටියදී පොලීසිය සොයාගෙන තිබෙනවා.
තංගල්ල – කඳුරුපොකුණ ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවා මාතර – හිත්තටිය ප්‍රදේශයේ ඥාති නිවසක නතර වී ඊයේ ආරම්භ වූ උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට පැමිණ ඇති බව සඳහන්.
එහිදී ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් සිසුවා පැහැරගෙන ගොස් තිබෙනවා.
පසුව තමන් අහංගම – ගොයියාපාන ප්‍රදේශයේ දමා ගිය බවයි සිසුවා පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ.
කවුරුන් විසින් සිසුවා පැහැර ගත්තේ ද යන්න පිළිබඳව මෙතෙක් කරුණු අනාවරණ වී නැහැ. මොහු ගණිත අංශයෙන් උසස් පෙළ විභාගයට මුහුණදීමට සූදානමින් සිටි අතර, මෙම පැහැර ගැනීම හේතුවෙන් සිසුවාට සංයුක්ත ගණිතය ප්‍රශ්න පත්‍රයට පෙනී සිටීමට ද නොහැකි වී තිබෙනවා.