Gossips

මාතර ඝාතන සිද්ධියේ තවත් සැකකාර සිසුවෙක් පොලිසියට භාරවෙයි (ඡායාරූප)

මාතර පාසල් සිසුවා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සිසුවෙක් මාතර පොලිස් අධිකාරී කාර්යාලය වෙත භාරවී තිබෙනවා.
මෙම සිද්ධිය වූ අවස්ථාවේ යතුරුපැදිය පදවාගෙන පැමිණි 18 හැවිරිදි සිසුවා මෙලෙස පොලිසියට භාරවී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
මේ අතර සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාර සිසුවා ලබන මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (26) නියෝග කළා.
ඒ ඔහු අද මාතර අතිරේක මහේස්ත්‍රාත් නිල්මිණි කුසුම් විතාරණ හමුවට භාරවීමෙන් අනතුරුවයි.
මාතර පොලිස් අධිකාරී කාර්යාලය වෙත භාරවූ සිසුවා


ඡායාරූප – මාතර, අදීෂ ආරියතිලක