Gossips

මාතර කොල්ලයෙන් පසු පලාගිය හබරකඩ වසන්තගේ නිවසින් ආයුධ

මාතර ස්වර්ණාභරණ අලෙවි සැලේ කොල්ලට පැමිණ පලාගිය සැකකරුවෙකු ලෙස හදුනාගෙන ඇති හබරකඩ වසන්ත නමැත්තාගේ හෝමාගම – හබරකඩ නිවසේ තිබී රිවෝල්වරයක් සහ ජීව උණ්ඩ 4 ක් සොයා ගෙන තිබෙනවා.
එය මාතර කොල්ලයට භාවිත කළ බවට සැක කෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ.
හබරකඩ වසන්ත නිවසට පැමිණි බවට ලද තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය අදාළ මෙහෙයුම ක්‍රියාත්මක කර තිබෙනවා.
නිවසේ රැදී සිටි ඔහුගේ බිරිද මීට අදාළව අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.