Gossips

මාතර – කඹුරුපිටියේ දෙපිරිසක් අතර ඇතිවු ගැටුමකින් 09 කට තුවාල

මාතර – කඹුරුපිටිය – ඕමාරහේන ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් අතරතුර එල්ල වූ ඇසිඩ් ප්‍රහාරයකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 09 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
නිවසක පැවති සාදයක් අතරතුර අද අලුයම සිදුවු බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුවයි මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල වී ඇත්තේ.
එම නිවසටද ගිනි තබා ඇති අතර, එහි නවතා තිබූ වෑන් රථයකටද ගිනි තබා අලාභ හානි සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ගැටුමෙන් තුවාල ලැබූ හය දෙනෙකු කඹුරුපිටිය – ආඳපාන රෝහලේ ප්‍රතිකාර ලබන අතර, බරපතල තත්ත්වයේ පසුවූ තුන් දෙනෙකු මාතර මහ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.