ඉදිකරමින් පවතින මාතර – කතරගම දුම්රිය මාර්ගයේ සේවකයින් පිරිසක් අද විරෝධතාවක නිරත වුණා.
ඒ, ඔවුන්ට ලැබිය යුතු වැටුප් නොගෙවීමට විරෝධය පළ කරමින්.
පිරිස, ඉදිකිරීම් සිදුකරන චීන සමාගමේ මාතර – වෙලේවත්ත ප්රදේශයේ පිහිටි කාර්යාලය වටලා විරෝධතාවයේ නිරත වූ බවයි එහි ගිය අප වාර්තාකරු සඳහන් කළේ.
