Gossips

මාතරින් කොල්ලකෑ රන් අභරණවලින් කොටසක් හමුවෙයි

මාතර ස්වර්ණාභරණ කොල්ලය සිදුකර පළා ගිය හබරකඩ වසන්ත නැමැත්තා සඟවා තිබූ රන් ආභරණවලින් කොටසක් පොලීසිය සොයාගෙන තිබෙනවා.
ඒ, ඔහුගේ මවගෙන් පොලිස් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි.
එම රන් භාණ්ඩ හෝමාගම – හබරකඩ ප්‍රදේශයේ නිවසක මිදුලේ වළ දමා තිබුණා.
හබරකඩ වසන්ත නමැත්තාගේ හෝමාගම – හබරකඩ නිවසේ තිබී රිවෝල්වරයක්, ජීව උණ්ඩ 4 ක් සහ හිස් පතොරම් කොපු දෙකක් ඊට පෙර පොලිස් විශේෂ කාර්ය බලකාය සොයා ගත්තා.
එහිදී ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් අතර, පසුව මව, පියා සහ රන් භාණ්ඩ වළ දමා තිබූ නිවසේ සිටි කාන්තාවක සහ තවත් අයෙකු ද අත්අඩංගුවට ගත් බවයි කොළඹ අද (29) පැවැති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.