Gossips

මාතරදී සිසුවෙකු ඝාතනය කෙරේ

මාතර ඇළවේල්ල පාර ආසන්නයේ උපකාරක පන්තියක් අසළදී තියුණු ආයුධයකින් පහරදී 19 හැවිරිදි සිසුවෙකු ඝාතනය කර තිබෙනවා.
අද පස්වරුවේ එම උපකාරක පන්තිය අසළට පැමිණි පුද්ගලයින් තුන්දෙනෙකු මෙම ඝාතනය සිදුකර ඇති අතර, සැකකරුවන් මේ වනවිට හඳුනාගෙන ඇති බවයි පොලීිසිය සඳහන් කළේ.
ඝාතනයට ලක්ව ඇත්තේ තිහගොඩ – මාහේන ප්‍රදේශයේ පදිංචි සිසුවෙකු වන අතර සිද්ධියෙන් තුවාල ලැබූ තවත් සිසුවෙකු මේ වනවිට මාතර රෝහලේ ප්‍රතිකාර ලබනවා.
මේ අතර මොණරාගල – මාගන්දනමුල්ල – සුමේධ වැව ඉස්මත්තේදී සිය පෙම්වතිය ඝාතනය කළ 23 හැවිරිදි තරුණයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ මියගිය තරුණිය 22 හැවිරිදි වියේ පසුවන බවයි.
ඇය බඩල්කුඹුර – වෙහෙරගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.