මාතර නගරයේ ස්වර්ණාභරණ වෙළදසැලක් කොල්ලකෑමට පැමිණි පාතාල සාමාජිකයින් අතර ඇති වූ වෙඩි හුවමාරුවේදී තම ජීවිත අවදානම නොතකා පොලිස් නිලධාරීන් රෝහල් ගත කිරීමට ඉදිරිපත් වූ සෙසු පුද්ගලයින් දෙදෙනාට මාතර පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණෙන ලෙසට පොලීසිය ඉල්ලීමක් කරනවා.
වෙඩි හුවමාරුවේදී පොලිස් නිලධාරීන් රෝහල් ගත කිරීම සඳහා එම අවස්ථාවේ එහි සිටි පුද්ගලයින් තුන්දෙනෙකු කටයුතු කර තිබුණා.
එක් පුද්ගලයෙකු මේ වන විට මාතර පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව පොලිස් නිලධාරීන් රෝහල් ගත කිරීමට ඉදිරිපත් වූ පුද්ගලයින් ඇගයීම සඳහා මුදල් ත්‍යාග ලබාදීමට තීරණය කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
මේ අතර පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ්ගේ දකුණේ ප්‍රධානතම ගෝලයෙකු ලෙස සැලකෙන මානෙල් රෝහණ හෙවත් තිලක් නැමති පුද්ගලයා පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මාතර – කඹුරුපිටිය – විල්පිට ප්‍රදේශයේදි ඊයේ රාත්‍රියේ මෙම වෙඩි හුවමාරුව සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
කඹුරුපිටිය ප්‍රදේශයේ අවි ගත් කණ්ඩායමක් සැරිසරන බවට පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත මාර්ග බාධක යොදා මෙහෙයුමක් සිදුකර තිබෙනවා.
එහිදී කඹුරුපිටිය දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් නවත්වන ලෙසට විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අණ කළ ද එය නොනවත්වා ධාවනය කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
පසුව එම නිලධාරීන් ත්‍රිරෝද රථය පසුපස හඹා ගොස් ඇති අතර එම අවස්ථාවේදී ත්‍රිරෝද රථය විල්පිට ප්‍රදේශයේ කැළෑබද කොටසකට ඇතුළු කර විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට වෙඩි තබා තිබෙනවා.
එම අවස්ථාවේදී පොලීසිය එල්ල කළ ප්‍රති ප්‍රහාරවලින් එක් පුද්ගලයෙකු තුවාල ලැබුවා.
අනතුරුව සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ ඔහු පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ්ගේ දකුණු පළාතේ සිටි ප්‍රධානතම ගෝලයෙකු වන මානෙල් රෝහණ හෙවත් තිලක් නැමැත්තා බවටයි.
ඔහු සතුව තිබී ටී – 56 ගිනි අවියක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ඔහුත් සමඟ ත්‍රිරෝද රථයේ පැමිණි අනෙක් පිරිස පළා ගොස් ඇති අතර ඔවුන් සොයා ඊයේ රාත්‍රියේම විශේෂ මෙහෙයුමක් ආරම්භ කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.
මිය ගිය පාතාල කල්ලි සාමාජිකයා දකුණු පළාත කේන්ද්‍ර කරගෙන සිදුවූ අපරාධ රැසකට සම්බන්ධ අයෙකු බවට ද අනාවරණ වී තිබෙනවා. ඔහු කඹුරුපිටිය – හොරපාවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.