Gossips

මාකඳුරේ මධූෂ්ගේ සමීපතමයෙකු සූරියවැව දී අත්අඩංගුවට

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පාතාල නායක මාකඳුරේ මධූෂ්ගේ සමීපතමයෙකු ටී – 56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ 20ක් සමඟ සූරියවැව – විහාරගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තංගල්ල – කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය හා තංගල්ල කොට්ඨාශ සංවිධානාත්මක අපරාධ මැඬලීමේ ඒකකය සිදුකළ වැටලීමකදී අද දහවල් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අකුරැස්ස – තෙලිජ්ජවිල – තල්ගස්වත්ත ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක්.