Gossips

මාකඳුරේ මධූෂ්ගේ, ගෝලයින් දෙදෙනෙක් පොලිසියට කොටු

සමයං ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වන මධූෂ් ලක්ෂිත හෙවත් 'මාකඳුරේ මධූෂ්' නමැත්තාගේ ගෝලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාතර – වැලිගම – මිදිගම ප්‍රදේශයේදී ඔවුන් ගිනි අවිත් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මධූෂ් නමැති පාතාල නායකයා මේ වනවිට මැදපෙරදිග – ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.