Gossips

මාකඳුරේ මධුෂ්ගේ සඟයෙකු ඇතුළු 6ක් රත්නපුරේදී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන මාකඳුරේ මධූෂ් නැමැත්තාගේ සගයෙකු බව පැවසෙන පුද්ගලයෙකු ඇතුළු 6 දෙනෙකු රත්නපුර – සිරිපාගම ඉඳුරුව ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් අතර කාන්තාවක ද සිටින බවයි පොලීසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2ක් සහ කේරළ ගංජා ග්‍රෑම් 5ක් සොයාගෙන තිබෙනවා.
මාකඳුරේ මධුෂ්ගේ සගයෙකු බවට සැලකෙන පුද්ගලයා හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචි අජිත් රංග නැමැත්තෙක්.
ඔහු විවිධ අපරාධ සම්බන්ධයෙන් අධිකරණයෙන් වරෙන්තු ලබා සිටින අයෙකු බවයි අනාවරණ වී ඇත්තේ.
අයිස් මත්ද්‍රව්‍ය සොයාගෙන ඇත්තේ ඔහුගේ අනියම් බිරිඳ බව සැලකෙන අත්අඩංගුවට ගත් 38 හැවිරිදි කාන්තාව සතුව තිබී බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.