රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ්ගේ පියාගේ අවසන් කටයුතු සඳහා හෙලිකොප්ටරයක ආධාරයෙන් ගුවනින් මල් ඉසීම පිළිබදව පොලිස් විශේෂ කාර්ය බලකාය මේ වන විට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
පසුගිය සෙනසුරාදා මධුෂ්ගේ පියාගේ අවසන් කටයුතු ඇඹිලිපිටිය ප්‍රදේශයේදී සිදුකෙරුණු අතර, එහිදී හෙලිකොප්ටරයක ආධාරයෙන් අවමංගල්‍ය පෙරහරට ගුවනින් මල් ඉසීම ද විශේෂත්වයක්.
එම හෙලිකොප්ටරය මෙරට පෞද්ගලික ආයතනයකට අයත් වන අතර, අදාළ සමාගමට ක්‍රෙඩිට් කාඞ් පතකින් මුදල් ගෙවා ඇත්තේ කොට්ටාව ප්‍රදේශයේ පදිංචි දිනේෂ් නැමැති පුද්ගලයෙකු විසින්.
එමෙන්ම දැනට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින බවට සැක කෙරෙන පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් විසින් දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකෙරෙන ආකාරය වීඩියෝ තාක්ෂණය ඔස්සේ සජීවී ලෙස නරඹා ඇති බවට ද වාර්තා වනවා.
මීට අමතරව දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පාතාල කල්ලි සාමාජිකයින් රැසක් ද පැමිණ ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබුණා.
පියාගේ දේහය තැන්පත් කර තිබූ ඇඹිලිපිටිය ප්‍රදේශයේ නිවසට මාකඳුරේ මධුෂ් පැමිණෙනු ඇති බවට පළ වූ වාර්තා සමඟ පොලිස් ආරක්ෂක අංශ විශේෂ මෙහෙයුමක් ද ආරම්භ කර තිබුණා.
කළුතර – වස්කඩුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් මාකඳුරේ මධුෂ්ගේ පියා ජීවිතක්ෂයට පත්ව තිබුණේ පසුගිය 29 වන දායි.