Gossips

මාකඳුරේ මධුෂ්ගේ තවත් ගෝලයෙකු අල්ලයි

පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ ගෝලයෙකු කොටුව ප්‍රදේශයේදී අද (03) අත්අඩංගුවට ගත්තා.
පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අකිල නිරෝෂන් නැමති මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
වැටලීම සිදුකර අවස්ථාවේදී ඔහු සමඟ සිටි තවත් කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර, මොවුන් සන්තකයේ තිබී හෙරොයින් තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් මොවුන් දෙදෙනා ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය වෙත භාර දී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.