Gossips

මාකඳුරේ මධුෂ්ගේ ගෝලයන් තුන්දෙනෙකු කඩුගන්නාවේදී අල්ලයි

ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වන මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ්ගේ ගෝලයන් තුන්දෙනෙකු කඩුගන්නාවේ හෝටලයක රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මහනුවර පොලිසිය සිදුකළ මෙහෙයුමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
සැකකරුවන් සතුව තිබූ රුපියල් ලක්ෂයක මුදලක්ද එහිදී සොයාගෙන තිබෙනවා.