Gossips

මාකඳුරේ ඉන්ධන පිරවුම්හලක් කොල්ලකයි

මාකඳුර – ගෝනවිල ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක අද (03) අලූයම කොල්ලයක් සිදුව තිබෙනවා.
මෝටර් රථයකින් පැමිණි මුහුණ ආවරණය කරගත් දෙදෙනෙකු පිරවුම්හලේ සේවය කළ දෙදෙනාට ආයුධ පෙන්වා තර්ජනය කර බියගන්වා ඔවුන් සතුව තිබූ රුපියල් 70,000ක මුදලක් කොල්ල කා පලාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකරුවන් මෙතෙක් අනාවරණ වී නැහැ.