ඩුබාහි රාජ්‍යයේ හෝටලයකදී අත්අඩංගුවට පත්වු මාකඳුරේ මදුෂ් සංවිධාන කළ සාදයේ බව පැවසෙන වීඩියෝවක් මේ වන විට නිකුත්වී තිබෙනවා.
එමෙන්ම අදාළ සාදයේ ඡායාරූප කිහිපයක් ද අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.
මේ අතර මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට පත්වූ ඔහුගේ සමීපතමයෙකු වූ අනුෂ්ක කවිශාල් හෙවත් ජංගා ගේ ඥාතියෙකු වන හමුදා නිලධාරියෙකු අනුරාධපුරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සේවය කරමින් සිටි අතරතුර අද පෙරවරුවේ ඔහු අත්අඩංගුවට ගත් බවයි උසස් පොලිස් නිලධාරියෙකු හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
ජංගාට අයත් මාතර – ගන්දර නිවසේ තිබි යුද හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් 18 ක් සහ ටී-56 උණ්ඩ 23 ක් පොලිසිය ඊයේ සොයාගත්තා.
එම ඇඳුම් ජංගාට ලබා ගැනීම සඳහා මෙම හමුදා නිලධාරියා සහය ලබාදී ඇති බවයි මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ.
මේ අතර මාකඳුරේ මධූෂ් සමඟ සිටි රංගන ශිල්පී රයන් වෑන් රෝයන් භාවිතා කළ බවට සැක කෙරෙන මෝටර් රථයක් මිරිස්ස ප්‍රදේශයේ පදිංචි සන්ෂයින් සුද්දා නමැති පුද්ගලයාට අයත් හෝටලයක තිබී පොලිසිය සොයාගෙන තිබෙනවා.
ඊයේ (08) පස්වරුවේ කළ සෝදිසි මෙහෙයුමක් අතරතුරයි මෙම මෝටර් රථය පොලිසිය සොයාගෙන ඇත්තේ.
එමෙන්ම මධුෂ්ගේ ඩුබායි හි සිටින අනියම් බිරිඳ තිලානි නිෂායා තිලකරත්නට අයත් බව කියන මෝටර් රථයක් පාදුක්ක – පෝරෙගෙදර ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අදාළ මෝටර් රථය සමඟ එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවන පාදුක්ක පොලීසියේ උසස් පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා මීට මාස දෙකකට පෙර ඩුබායි සිට මෙරටට පැමිණ ඇති බවයි.