Gossips

මාකදුරේ මධුෂ් ඇතුළු පිරිස අද ඩුබායි අධිකරණයට

ඩුබායිහි අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකදුරේ මධුෂ් ඇතුළු පිරිස අද පළමු වරට එරට අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙනවා.
මෙම සිද්ධිය පිළිබඳව මෙරට පරික්ෂණ මෙහෙයවන නිළධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසිමකදී සඳහන් කළේ මාකදුරේ මදුෂ් ඇතුළු පාතාල නායකයන් මෙන්ම සෙසු සැකකරුවන් රඳවා ගැනිමට ලබා දුන් කාලසිමාව අදින් අවසන් වන බවයි.
ඩුබායි අධිකරණය අද ලබා දෙන තින්දුවට අනුව ශ්‍රී ලංකාව විසින් අනුගමනය කළ යුතු ඉදිරි පියවර පිළිබඳව තිරණය කරන බවද එම නිළධාරියා කියා සිටියා.
ඩුබායි අධිකරණ තීන්දුවෙන් පසු මෙරට විමර්ෂණ සිදු කරන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ නොවිසිදුණු අපරාධ විමර්ෂණ ඒකකයේ නිළධාරින් අතර හමුවක් ද පැවැත්වෙනු ඇති.
එහිදී ශ්‍රී ලංකාවේ පොලිස් කණ්ඩායමක් ඩුබායි රාජ්‍ය වෙත පිටත්ව යාම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගන්නා බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වු පොලිස් නිළධාරියා කියා සිටියේ.
ඩුබායිහිදී සාදයක් පවත්වමින් සිටින අතරතුර මාකදුරේ මධුෂ් ඇතුළු මෙම පාතාල නායකයින් අත්අඩංගුවට ගැනුනේ පසුගිය 05 වනදායි.
පසුව ඔවුන් සමඟ සබඳතා පැවැත්වු තවත් පතාල සගයින් 10 දෙනෙකු ද අත්අඩංගුවට ගනු ලැබුවා.
තවත් පුද්ගලයන් කිහිපදෙනෙකු දිවයිනේ විවිධ ප්‍රදේශ වල සැඟව සිටින බවටයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත තොරතුරු ලැබී ඇත්තේ.
මේ අතර මාකදුරේ මධුෂ් ඇතුළු සෙසු පිරිස අත්අඩංගුවට පත්වු දිනයේ ඔවුන් රැදිසිටි සුපිරි හෝටලයට වෙත පැමිණි වාහන සියල්ල ඊයේ ඩුබායි පොලිසිය මගින් පරික්ෂාවට ලක් කර තිබෙනවා.