Gossips

මාඔය පිටාර ගැලීමෙන් පුත්තලමේ මාර්ග රැසක් ජලයෙන් යටවෙයි (ඡායාරූප)

මාඔය පිටාර ගැලීම හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ මාර්ග රැසක් ජලයෙන් යට වී තිබෙනවා.
හිරු පුත්තලම වාර්තාකරුවන් සඳහන් කළේ මාදම්පේ – කුලියාපිටිය මාර්ගය සහ කොළඹ – පුත්තලම මාර්ගය, මහවැව ප්‍රදේශයෙන් ජලයෙන් යට වී ඇති බවයි.
එමෙන්ම පුත්තලම – ආනමඩුව මාර්ගය ද පල්ලම ප්‍රදේශයෙන් ජලයෙන් යට වී ඇති අතර නාන්තණ්ඩිය – තුම්මෝදර මාර්ගය ද ජලයෙන් යට වී තිබෙනවා.
අප වාර්තාකරුවන් සඳහන් කළේ දැදුරුඔය පිටාර ගැලීමෙන් හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 50 ක් පමණ පීඩාවට පත්ව ඇති බවයි.
මාදම්පේ ගලහිටියාව ප්‍රදේශය ද ජලයෙන් යටවීම හේතුවෙන් එම ප්‍රදේශයේ පවුල් 40 ක් පමණ පීඩාවට පත්ව සිටින බව සඳහන්.
තිණිපිටිය වැවේ වාන් ජලය ගලා යන පාලම අබලන්වීම හේතුවෙන් පාලමේ කොටසක් කැඩීයාමේ අවදානමකට ද ලක්ව තිබෙනවා.

ඡායාරූප – පුත්තලම ජූඩ් සමන්ත