Gossips

මාඔය පිටාර ගැලීමෙන් පුත්තලමේ මාර්ග රැසක් ජලයෙන් යටවෙයි

මාඔය පිටාර ගැලීම හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ මාර්ග රැසක් ජලයෙන් යට වී තිබෙනවා.
හිරු පුත්තලම වාර්තාකරුවන් සඳහන් කළේ මාදම්පේ – කුලියාපිටිය මාර්ගය සහ කොළඹ – පුත්තලම මාර්ගය, මහවැව ප්‍රදේශයෙන් ජලයෙන් යට වී ඇති බවයි.
එමෙන්ම පුත්තලම – ආනමඩුව මාර්ගය ද පල්ලම ප්‍රදේශයෙන් ජලයෙන් යට වී ඇති අතර නාන්තණ්ඩිය – තුම්මෝදර මාර්ගය ද ජලයෙන් යට වී තිබෙනවා.