හඟුරන්කෙත – මාඔය පාලම මතදී ලොරි රථයක්,ටිපර් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අද (17) උදෑසන මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.
මෙම අනතුරින් රථ වාහන තුනකට අලාභ හානි සිදුව තිබෙනවා.
අනතුර සිදුකල ටිපර් රථයේ තිරිංග පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් මේ අනතුර සිදුව ඇතිබවයි පොලිසිය කියා සිටියේ.
හඟුරන්කෙත පොලිසිය අනතුර පිළබඳ වැඩිදුර විමර්ශන සිදුකරනවා.
මේ අනතුර සිදුවන ආකාරය ඒ අසල වෙළඳසලක සවිකර තිබු CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා.