Gossips

මළසිරුරක් මැදිරිගිරියේ අවන්හලකින් හමුවෙයි

පොළොන්නරුව – මැදිරිගිරිය නගරයේ පිහිටි රාත්‍රී අවන්හලක තිබී මියගිය තරුණයෙකුගේ සිරුරක් ඊයේ රාත්‍රියේ හමුව තිබෙනවා.
පොලීසිය පැවසුවේ මියගිය පුද්ගලයා සියදිවි හානිකරගන්නට ඇති බවට සැක කරන බවයි. ඔහු විසින් ලියා ඇති ලිපියක්ද එම ස්ථානයේ තිබී හමුවී ඇති බව සඳහන්.
මියගිය තරුණයා තවත් කාන්තාවක සමඟ එම ස්ථානයේ මත්පැන් සාදයක් පවත්වා ඇති අතර, පසුව කාන්තාව යම් කිසි කටයුත්තක් සඳහා අවන්හලෙන් පිටතට පැමිණි අවස්ථාවේ මෙම සියදිවි හානිකරගැනීම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.
මියගිය තරුණයා මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු සමඟ මත්පැන් සාදය පැවැත්වූ කාන්තාවගෙන් පොලීසිය ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.