Gossips

මහ රෑ නිරුවතින් ඇවිත් පළාතම කළඹමින් ගෙවල්වල බෙල් එක ගහලා යන සුරූපී කාන්තාව හඳුනාගනී

අඩ නිරුවතින් පැමිණ මහ රෑ නිවෙස්වල සීනුව නාද කර පලා යන කාන්තාවක් පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළා.
අදාළ සිදුවීම වාර්තා වූයේ ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයෙන්.
අදාළ වාර්තාවේ දැක්වුණේ උඩුකයට පමණක් ඇඳුමක් ඇඳ සිටින කාන්තාවක් මෙලෙස පැමිණ නිවසක සීනුව නාද කරගොස් ඇති බවයි.
කෙසේ වෙතත් මේ වනවිට අදාළ කාන්තාවගේ අනන්‍යතාව පිළිබඳව ආසන්න තොරතුරු මේ වනවිට හෙළිදරව් කරගෙන තිබෙනවා.
එම තොරතුරු අනාවරණ කරගෙන ඇත්තේ මෙම වසරේ ජනවාරි මස එරට පොලිසියට කළ පැමිණිල්ලකට අනුවයි.
ඒ අනුව අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළ කාන්තාවගේ නැගණිය වන Caitlin Denison නමැති කාන්තාව මෙම අභිරහස් කාන්තාව බවටයි පොලිසිය සැකපලකරන්නේ.
Caitlin Denison එම කාන්තාව අතුරුදන්වනවිට මාස දෙකක පමණ ගැබිනියක් බවටයි ඇගේ සොහොයුරිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ.
එරට පොලිසිය අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට වැඩිදුර විමර්ශන ආරම්භකර තිබෙනවා.
අතුරුදන්ව ඇති Caitlin Denison නමැති කාන්තාව බවට සැකපලකරන අභිරහස් ලෙස මහ රෑ නිවසක සීනුව නාද කර යන කාන්තාවගේ CCTV දර්ශන පෙළක් විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කළා.
rn