Gossips

මහ රෑ ගෙදරට කඩා පැනපු පිරිසක් තාත්තයි දුවයි කපා දමා රත්තරන් අරන් යයි

යාපනය ප්‍රදේශයේ නිවසකට කඩාවැදුණු කොල්ලකරුවන් පිරිසක් එල්ලකළ ප්‍රහාරයකින් තුවාල ලැබූ පියෙකු සහ දියණියක යාපනය රෝහලට ඇතුලත්කර තිබෙනවා.
ඔවුන් යාපනය වඩුක්කොඩ්ඩෙයි අරාලි උතුර සෙට්ටියාමඩම් ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙක්.
එහිදී කොල්ලකරුවන් විසින් ඔවුන් දෙදෙනාට තියුණු ආයුධ වලින් පහරදී නිවසේ තිබූ මුදල් හා රත්තරන් රැගෙන පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
පහරදීම් හේතුවෙන් තුවාල ලැබූවන් අසල්වාසීන් විසින් රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
වඩුක්කොඩ්ඩෙයි පොලීසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.