Gossips

මහ රෑ කාඩ්බෝඩ් තුවක්කුවක් පෙන්වා සුරූපී තරුණියක් අල්ලන්න ගිය ලොකු අයියාට අන්තිමට සිදුවූ නොසිතූ දේ

කාඩ්බෝඩ් තුවක්කුවක් පෙන්වා තරුණියක් කොල්ලකෑමට පැමිණි පුද්ගලයෙකුට අත්වූ අවාසනාවන්ත ඉරණමක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අදාල සිදුවීම වාර්තා වන්නේ බ්‍රසීලයෙන්.
මෙලෙස මහ රෑ පුද්ගලයෙකු විසින් මංකොල්ල කෑමට ගොස් ඇත්තේ UFC හි ජනප්‍රිය සටන් ක්‍රීඩිකාවක් වන Polyana Viana .
පසුපසින් පැමිණි පුද්ගලයා තමන් සතුව ආයුධයක් ඇතිබව පවසා ඇයගේ දුරකථනය ඉල්ලා තිබෙනවා.
එහිදී Polyana Viana විසින් අදාළ පුද්ගලයාට ප්‍රහාරයක් එල්ලකර අනතුරුව ආරක්ෂක අංශ පැමිණ සැකකරු අත්අඩංගුවට ගන්නා තෙක් එහි රැඳී සිටිනවා.
කෙසේ වෙතත් පහරකෑමට ලක්වූ පුද්ගලයා පසුව රෝහල්ගතකර ඇති අතර Polyana Viana විසින් ඔහුගේ මුහුණට බරපතළ ලෙස පහරදී තිබෙනවා.