ධිවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබු බහුදින ධිවර යාත්‍රාවක සිට රෝගාතුර වූ ධීවරයෙක් අද (01) වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගොඩබිම වෙත ගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කර තිබෙනවා.
ඒ ධිවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදාවට සිදු කරන ලද දැනුම් දීමට අනුවයි.
ඒ අනුව රෝගී වූ ධීවරයා බේරා ගැනීමට ගාල්ල නාවික හමුදා කදවුරේ සිට වේග ප්‍රහාරක යාත්‍රාවක් පිටත්ව ගොස් තිබෙනවා.
එම ධීවරයා නිරුපද්‍රිතව ගොඩබිම වෙත නාවික හමුදාව කටයුතු කළ ඇති අතර වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර තිබෙනවා.
