Gossips

මහ මැතිවරණය නිසා පිටරටට ගෙන යන්න ගිය IPL ගැන ගත් අවසන් තීරණය

ඉන්දීය මහ මැතිවරණය හේතුවෙන් මෙවර IPL තරඟාවලිය ඉන්දියාවේදී පැවැත්වීම පිළිබඳව අවිනිශ්චිත තත්වයක් ඇති වුණා.
ඊට හේතු වුයේ ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් IPL බලධාරීන් දැඩි අවධානයක් යොමු වීමයි.
මේ අනුව IPL තරඟාවලිය දකුණු අප්‍රිකාවේදී හෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීම පිළිබඳව අවධානය යොමු වුණා.
නමුත් IPL තරඟාවලිය ස්ථිර ලෙසම ඉන්දියාවේදී පැවැත්වීමට තීරණය කර ඇති බවයි එරට ඉන්දීය ක්‍රිකට් ආයතනය ඊයේ (08) ප්‍රකාශ කළේ.
මේ අනුව මාර්තු 23 වැනිදා ආරම්භ වන තරඟාවලිය මැයි මස 12 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
ඉන්දීය මහ මැතිවරණය මෙම කාලවකවානුවේ පැවැත්වුවද අවශ්‍ය ආරක්ෂාව සපයමින් IPL තරගවලිය තීරණය කරගත් පරිදි පැවැත්වීමටයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත්තේ.
කෙසේ වෙතත් ඉන්දීය මහ මැතිවරණය අප්‍රේල් සහ මැයි මාසයේදී පැවැත්වීමට නියමිතයි.