ලෝක් සභාව හෙවත් ඉන්දීය පාර්ලිමේන්තුවට නියෝජිතයන් පත් කරගැනීමේ මහ මැතිවරණය ලබන වසරේ මැයි මාසයේදී නියත වශයෙන්ම පවත්වන බව එරට ස්වදේශ කටයුතු අමාත්‍ය රාජ්නාත් සිං ප්‍රකාශ කළා.
ඉන්දීය ප්‍රාන්ත සභා මැතිවරණ කිහිපයක් ඊට පෙර යෙදී ඇති අතර, ඒ අනුව මහ මැතිවරණයද මාස කිහිපයකට පෙර පවත්වනු ඇතැයි රාවයක් පැවතුණා.
එහෙත් ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යවරයා කියා සිටියේ මහ මැතිවරණය නියමිත කාලයට පෙර පැවැත්වීමට අදහස් නොකරන බවයි.
නරේන්ද්‍ර මෝදිගේ වර්තමාන ජාතික ප්රජාතන්ත්රවාදී සන්ධාන රජය දිවුරුම් දුන්නේ 2014 වසරේ මැයි 26 වෙනිදායි.
ඒ, එම වසරේ අප්‍රේල් හත්වනදා සිට මැයි 12 වනදා දක්වා අදියර 9 කින් පැවැත්වුණු මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුවයි.
මීළඟ මහ මැතිවරණයේ සියලූ කටයුතු ලබන වසරේ මැයි 15 දාට පෙර අවසන් කරන බවයි ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති රාජ්නාත් සිං අවධාරණය කළේ.