Gossips

මහ මැතිවරණය එළැඹෙන දෙසැම්බර් මාසයේදී පැවතිය හැකියි

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු රජය ඉක්මණින් සිදු කළහොත් එළැඹෙන දෙසැම්බර් මාසයේදී මැතිවරණය පැවැත්විය හැකි බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.
කෑගල්ල නගරයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.
අදට යෙදෙන ඡන්ද හිමියන්ගේ දිනය නිමිත්තෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද පෙරවරුවේ කෑගල්ල නගරයේදී පැවැත්වුණා.
ඒ සඳහා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු නිලධාරීන් පිරිසක් දුම්රියෙන් කෑගල්ල නගරයට පැමිණියා.