හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ අද දළදා මාලිගාව වැඳපුදා ගැනීමට එක්වුනා.
අනතුරුව ඔහු මල්වතු මහනාහිමියන් ද බැහැදුටුවා.
එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා කියාසිටියේ මහ මැතිවරණයක් පැවැත්වීමට රජය පියවර ගත යුතු බවයි.
රජය මේ වන විට අස්ථාවර තත්වයකට පත්ව ඇතැයි ද ඔහු සඳහන් කළා.
විපක්ෂ නායකවරයාගේ භූමිකාව පිළිබඳව ද මහින්ද රාජපක්ෂ මෙහිදී අදහස් පළකළා.
