Gossips

මහ මැතිවරණයක් කඩිනමින් පැවැත්විය යුතු බව ජාතික සංවිධාන එකමුතුව කියයි

කඩිනමින් සිදුකළ යුත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීම බව ජාතික සංවිධාන එකමුතුව ප්‍රකාශ කළා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර කියා සිටියේ දේශපාලනඥයින් වෙන්දේසි වීම හේතුවෙන් ජනතාවට පාර්ලිමේන්තුවේ බහුතර බලය ගැන විශ්වාසයක් නොමැති බවයි.
මේ අතර, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍ර‍්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න එම ධුරයෙන් ඉවත් කිරීමේදී හඬක් නොනැගූ පිරිස් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ධුරයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් ප්‍රශ්න මතු කරන බවයි.