Gossips

මහ මැතිවරණයක් ඉල්ලා අදත් ප්‍රදේශ කිහිපයක විරෝධතා

වහාම මහ මැතිවරණයක් පවත්වන්න ලෙස සහ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙස ඉල්ලා දිවයිනේ විවිධ ස්ථානවල විරෝධතා ව්‍යාපාර සහ ඒ පිළිබඳ දැනුවත්කිරීම් පැවැත්වුණා.
මහ මැතිවරණයක් පවත්වන්නැයි ඉල්ලා පැවිදි හඬ සංවිධානය දියත් කළ අත්සන් 50 ලක්ෂයක් ලබා ගැනීමේ ව්‍යාපාරය අද දෙවැනි දිනටත් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානය අසළදී සිදු කෙරුණා.
මේ අතර විජයග්‍රාහී ජාතික සංවිධානය මහනුවර පැවත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් ද මහ මැතිවරණයක අවශ්‍යතාව අවධාරණය කළා.
මහ මැතිවරණයක් ඉල්ලා පෙත්සම් දස ලක්ෂයක් සඳහා අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක් අද පැවැත්වුණේ රත්නපුර නගරයේදී.
මහ මැතිවරණයක් පවත්වන්නැයි ඉල්ලා විරෝධතාවක් සහ මහජන පෙත්සමකට අත්සන් ලබා ගැනීමක් හිරියාල ප්‍රදේශයේදී සහ ආණමඩුව ප්‍රදේශයේදී සිදුකෙරුණා.
මේ අතර බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් බෙලිඅත්ත නගරයේදී අද සත්‍යග්‍රහයක නිරත වුණේ මහ මැතිවරණයක් ඉල්ලමින්.
දිවිතුර ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු මන්ත්‍රීවරුන් බද්දේගම හම්පෙගම මන්සන්ධියේදී මහ මැතිවරණයක් ඉල්ලමින් සහ කථානායකවරයා ඇතුළු තවත් පිරිසකට එරෙහිව විරෝධතාවක නිරත වුණා.