පාර්ලිමේන්තුවේ මතුව ඇති අර්බුදය අවසන් වූ පසු මහ මැතිවරණයකට යාමට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ගාල්ලේ ඊයේ පැවති සමුළුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.
මේ අතර දඹුල්ලේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න කියා සිටියේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහද වහාම අරලියගහ මන්දිරයෙන් පිටව යා යුතු බවයි.
