Gossips

මහ මඟ සිටි වලසෙකු සමඟ සෙල්ෆි ගන්න ගිය පුද්ගලයා මරු වැළඳා ගත් හැටි

වලසෙකු සමඟ සෙල්ෆි ඡායාරුපයක් ලබාගැනීමට ගිය පුද්ගලයෙකුට සිදුවූ අනපේක්ෂිත සිදුවීමක් පිළිබඳව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
මෙලෙස අනපේක්ෂිත අනතුරකට මුහුණ දී ඇත්තේ කුලී රථ රියදුරෙක් බවයි වාර්තා වන්නේ.
ඔඩිස්සා ප්‍රාන්තයේ පැවති මංගල උත්සවයක් සඳහා පිරිසක් රැගෙන යමින් සිටි කුලී රථ රියදුරා මාර්ගය අසල සිටි වලසෙක් දැක වහනය නවතා එම සත්වයා සමඟ සෙල්ෆි ඡායාරුපයක් ගැනීමට ගොස් තිබෙනවා.
එම අවස්ථාවේදී වලසා ඔහුට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.
එම අවස්ථාවේදී ඒ අසල සිටි පිරිස් එක්ව වලසාගේ ග්‍රහණයට ලක්ව සිටි කුලී රථ රියදුරා මුදවා ගැනීමට උත්සහා දරා ඇති බව සඳහන්.
කෙසේ වෙතත් එම උත්සාහයන් නිෂ්ඵල වී ඇති අතර වනජීවී නිලධාරින් පැමිණෙන විටත් වලසාගේ දරුණු ප්‍රහාරයට ලක්ව සිටි කුලි රථ රියදුරා මිය ගොස් සිටි බවයි වාර්තා වන්නේ.