Gossips

මහ මඟ ආරක්ෂාවට පොලීසියෙන් 8000ක්

එළඹෙන උත්සව සමයත් සමඟ සිදුවන මාර්ග අනතුරු වළක්වා ගැනීම සඳහා රථ වාහන පොලිස් නිලධාරීන් 8000ක් පමණ දිවයින පුරා යොදවා තිබෙනවා.
ඉදිරි දින කිහිපයේදී එම නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් මෙහෙයුම් සිදුකිරීමට ද තීරණය කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
එමෙන්ම, එම මෙහෙයුම් අතරතුර බීමත් රියදුරන් පරීක්ෂා කිරීම සඳහා ශ්වසන වායු උපකරණ 25,000ක් පමණ මෙරටට ගෙන්වා තිබෙනවා.
එම උපකරණ සියළු පොලිස් ස්ථාන වෙත බෙදා හැරීමට කටයුතු කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
පසුගිය වසරේ අවුරුදු සමය තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 135 දෙනෙකු මිය ගොස් ඇති අතර, තවත් 750 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
එමෙන්ම උත්සව සමයත් සමඟ ගිනිකෙළි අනතුරු සිදුවිය හැකි බැවින් ඒ පිළිබදව අවධානය යොමු කරන ලෙසට සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.