Gossips

මහ මඟදී සිදුකළ අමානුෂික ඝාතනය

පෙට්‍රල් දමා ගිනි තබා පුද්ගලයෙකු ඝාතනය කළ පුවතක් මඩකලපුව, වාලච්චේන,විනයාගපුරම් ප්‍රදේශයෙන් වාර්තා වනවා.
පොලිසිය පවසන්නේ ඊයේ (01) පස්වරුවේ මෙම අපරාධය සිදුව ඇති බවයි.
කන්නගිපුරම් ප්‍රදේශයේ ජීවත්වූ පුද්ගලයෙක් මෙලෙස ඝාතනය කර ඇති අතර ඔහු 58 හැවිරිදි අයෙක් බව සඳහන්.
අපරාධය සිදුකළ එම ප්‍රදේශයේම පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙක් පලායාමට උත්සහ කිරීමේදී ප්‍රදේශවාසීන් එක්ව අල්ලාගෙන පොලිසියට භාරදී තිබෙනවා.
දෙදෙනා අතර සිදුවූ බහින් බස්වීමක් මෙම ඝාතනයට හේතු වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.