Gossips

මහ මඟදී කාන්තාවක් කෙළෙසූ දෙදෙනෙකුගෙන් අයෙක් රක්ෂිත බන්ධනාගාරයට

සෙවනගල, වැලිආර, කිරිවැව ප්‍රදේශයේ මහ මඟදී කාන්තාවක් දූෂණය කළ සැකකරුවන් දෙදෙනෙකුගෙන් අයෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
සැකකරු සෙවනගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ.
රැකියාව නිමව පසුගිය 29 වනදා රාත්‍රියේ නැවත නිවසට පැමිණෙමින් සිටි අවුරුදු හතලිස් අටක කාන්තාවක් මෙලෙස දූෂණයකර ඇති බවයි පොලිසිය පැවසුවේ.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු ඇයව මාර්ගය අසල ඇති කාණුවකට ඇද දමා දූෂණයකර තිබෙනවා.
එම අවස්ථාවේ කාන්තාව කෑගසා ඇති අතර පසුව එම ස්ථානයට ප්‍රදේශවාසීන් පැමිණ ඇති බව සඳහන්.
එහිදී එක් පුද්ගලයෙකු පලාගොස් ඇති අතර අනෙක් සැකකරු ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන ඔවුන් පැමිණි යතුරුපැදිය ද සමඟ පොලිසිය වෙත භාරදී තිබෙනවා.
පලාගිය සැකකරු කාන්තාව ගෙල බැඳි අන් මාලයද කොල්ලකා පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරු එම ප්‍රදේශයේම පදිංචි 32 හැවිරිදි අයෙක් වන අතර පලාගිය සැකකරු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව සඳහන්.
දූෂණයට ලක්වූ කාන්තාව වෛද්‍ය පරීක්ෂණයක් සදහා රෝහල් ගතකර තිබෙනවා.