මහ මඟදී යම් ආකාරයක ලිංගික හිංසනයකට ලක්වූ කාන්තාවක් විසින්ම අන්තර්ජාලයට එක් කල වීඩියෝවක් පිලිබදව අප පසුගියදා වාර්තා කළා.
ඒ සමඟ එම සිදුවීම සම්බන්ධයෙන් අද වන විට නීතිය ක්රියාත්මක වෙමින් පවතිනවා.
අන්තර් ජාලයේ සංසරණය වන මෙම වීඩියෝව පිලිබදව හිරු ප්රවෘත්ති ඔස්සේ අප අනාවරණය කලේ පසුගිය 15 වැනිදායි.
ඒ සමඟම මෙම සිදුවීම පිලිබදව සමාජයේ දැඩි කතා බහක් නිර්මාණය වී අවසන්.
බම්බලපිටිය ආලෝක සංඥා පුවරුවක් අසලදී කාන්තාවක විසින් මුහුණ පෑ මෙම අත්දැකීම සම්බන්ධයෙන් බම්බලපිටිය පොලීසිය මේ වනවිට නීතිය ක්රියාත්මක කර තිබෙනවා.
rn