Gossips

මහ මගදීම තරුණියකගේ දිවි උදුරා ගත් ගම්පොළ අනතුර

ගම්පොළ නුවරඑළිය මාර්ගයේ බොරලුමංකඩ ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් තරුණියක් මියගොස් තිබෙනවා.
ඇය ගමන් කළ ත්‍රී රෝද රථය මෝටර් රථයකට ගැටීමෙන් පසු තරුණිය මාර්ගයට විසිවී ගොස් පසුපසින් පැමිණි හගුරන්කෙත ඩිපෝවේ ආපදා රථයකට යටවී අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ඇය ගම්පොළ වැල්පිටිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණියක්.
මෙම තරුණිය තම මව සමග නගරයට පැමිණ කුලී ත්‍රී රෝද රථයකින් නිවසට යමින් සිටියදී අනතුරට ලක්ව ඇතැයි සඳහන්.
ත්‍රී රෝද රථයේ රියදුරා ද තුවාල ලබා ගම්පොල මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
ගම්පොළ දෙස සිට නුවරඑළිය දෙසට පැමිණි මෝටර් රථයක් හදිසියේම ප්‍රතිවිරුද්ධ දෙසට හැරවීමේදීයි පිටුපසින් පැමිණි ත්‍රී රෝද රථය එහි ගැටී ඇත්තේ.
අනතුරුව ත්‍රී රෝද රථයේ ගමන් කළ තරුණිය මාර්ගයට විසිවී ගොස් තිබුනා.
ප්‍රතිවිරුද්ධ දෙසට හැරවූ මෝටර් රථය ද නතර කර තිබු ලොරියක ගැටී ඇතැයි අප වාර්තාකරු ප්‍රකාශ කළා.
අනතුර සම්බන්ධයෙන් ආපදා රථයේ සහ මෝටර් රථයේ රියදුරන් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය පිළිබඳ ගම්පොළ පොලිසියයි විමර්ශණ මෙහෙයවන්නේ.