Gossips

මහ බැංකුව යළිත් මුදල් අමාත්‍යංශයට

අග්‍රාමාත්‍යවරයා යටතේ පැවති ශ්‍රී ලංකා මහ බැංකුව, ජනාධිපතිවරයා විසින් යළි මුදල් අමාත්‍යාංශයට පවරා තිබෙනවා.
ඊට අදාළ ගැසට් නිවේදනය අද (28) නිකුත් කෙරුණා.
මෙතෙක් මහ බැංකුව පැවතියේ අග්‍රාමාත්‍යවරයා යටතේයි.
මේ අතර නවීන තාක්ෂණයේ අයහපත් ප්‍රවණතාවලින් දරු පරපුර රැකගැනීමේ වගකීම උපරිමයෙන් ඉටුකරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ කොළඹ – නෙළුම් පොකුණ රඟහලේ අද(28) පැවති උත්සවයකට එක්වෙමින්.
මේ අතර වැඩබලන අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරියේ අද (28) දිවුරුම් දුන්නේ අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් විදේශ ගතවීම හේතුවෙන්.