ප්‍රතිපත්ති පොලී අනුපාතිකයන් සංශෝධනය කිරීමට ඊයේ (03) රැස්වූ මහබැංකු මූල්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ අනුව සියයට 8.75ක් ලෙස පැවති ස්ථාවර නිකුතු අනුපාතය සියයට 8.50 දක්වා පහළ දැමීමටයි එහිදී තීරණය කර ඇත්තේ.
කෙසේ වෙතත්, ස්ථාවර තැන්පතු අනුපාතිකය සියයට 7.25 මට්ටමේ තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට මූල්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.
මේ අනුව ඉදිරියේදී බැංකු පොලී අනුපාතිකයන් සංශෝධනය වනු ඇති බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ.